සූරා 4 · ජුස් 5
An-Nisa · 4:127
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. ඔවුන්ට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කළ අනාථ කාන්තාවන් විෂයයෙහි ද දරුවන් අතුරින් දුර්වලයින් විෂයයෙහි ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද (මීට පෙර පහළ කරනු ලැබූ) පුස්තකයෙහි කියා දී ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
තෆ්සීර්
අහෝ දූතය, කාන්තා කටයුතු පිළිබඳවත්, ඔවුනට අනිවාර්යය වන කරුණු පිළිබඳවත් ඔවුන් කෙරෙහි පැවරෙන වගකීම් පිළිබඳවත් ඔවුහු ඔබෙන් විමසති. කවර කරුණක් ඔබ විමසා සිටින්නෙහුද එය ඔබට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එමෙන්ම ඔබ භාරයේ සිටින කාන්තා, අනාථ දරුවන් විෂයයෙහි අල් කුර්ආනය ඔබ වෙත උගන්වන දෑ ද ඔබට පැහැදිලි කරනු ඇත. ඔවුනට අනිවාර්යය කළ මහර් හෝ උරුමයන් ඔවුනට නොපවරා, ඔවුන් විවාහය කිරීම සඳහා ආශා නොකරන්න. ඔවුන්ගේ සම්පත් භුක්ති විඳීම පිණිස ඔවුන් විවාහ කර නොදීමෙන් වළකින්න. දුර්වල කුඩා දරුවන් පිළිබඳ ඔවුනට අනිවාර්යය වූ ඔවුන්ගේ උරුමය ඔවුනට පිරිනැමීම පිළිබඳව ද ඔහු පැහැදිලි කරයි. ඔවුන්ගේ ධනය පවරා ගනිමින් ඔවුනට අපරාධ නොකළ යුතුයි. මෙලොව මෙන්ම මතු ලොව ඔවුන්ගේ කටයුතු විධිමත් කර ගත හැකි අයුරින් අනාථයින් සම්බන්ධයෙන් යුක්ති ගරුක ව කටයුතු කිරීමේ අනිවාර්යය කටයුතු ද ඔහු නුඹලාට පැහැදිලි කරයි. ඔබ අනත්දරුවන්ට හෝ වෙනත් අයට යම් යහපතක් කර ඇත්නම් ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔබට කුසල් පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න