සූරා 4 · ජුස් 5

An-Nisa · 4:124

وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا

පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිටිය දී යහකම් අතුරින් කවරෙකු හෝ යහපත කරන්නේ නම් එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. අල්ප ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති.

තෆ්සීර්

පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා කවරෙකු උත්තරීතර අල්ලාහ් කෙරෙහි සැබෑ ලෙසින් විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නේ ද එවැන්නන් දේව විශ්වාසය හා නැමදුම ඒකාබද්ධ කරන්නෝ වෙති. ඔවුහු ස්වර්ග උයන් වලට පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන් අතරින් රට ඉදි ගෙඩියක මතු පිටින් ඇති කෙන්දක තරම් කුසලක් වුව ද ඒ කිසිවක් අඩු කරනු නොලබයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න