සූරා 4 · ජුස් 5

An-Nisa · 4:123

لَيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

නුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් පරිදි නොවේ. කවරෙකු නපුරක් කළේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නොලබනු ඇත.

තෆ්සීර්

මුස්ලිම්වරුනි, ජයග්රහණයේ කරුණ ඔබ ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් නොවේ. එසේත් නැතහොත් ආගම් ලත් ජනයා ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් ද නොවේ. එම කරුණ අත්වනුයේ ක්රියාවන් අනුගමනය කිරීමෙනි. එහෙයින් ඔබ අතුරින් කවරෙකු නපුරු ක්රිවයාවක් කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එහි අල්ලාහ්ගෙන් තොරව ඔහුට සෙත සලසන කිසිදු භාරකරුවකු හෝ පීඩාවෙන් ඔහු ව වළක්වන උදව් කරුවකු හෝ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න