සූරා 4 · ජුස් 5
An-Nisa · 4:125
وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۗ وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا
යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙ කුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද ? අල්ලාහ් ඉබ්රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.
තෆ්සීර්
අල්ලාහ්ට බාහිර මෙන්ම අභ්යතන්තරයෙන්ද යටහත් ව තම අධිෂ්ඨානයන් ඔහු වෙත අවංකවම පිළිගන්වා ඔහු ආගමානගත කළ දෑ පිළිපදිමින් තම ක්රියාවන් විධිමත් කර ගෙන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ දහමේ පදනම වූ ඉබ්රාහීම් තුමාගේ දහම පිළිපැද ආදේශ තැබීමෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් ව ඒක දේවත්වය හා දේව විශ්වාසය වෙත නැඹුරු වූවන් හට වඩා දහමින් වඩාත් අලංකාර වෙනත් කිසිවකු නැත. අල්ලාහ් තම නබිවරයා වන ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් ව සෙසු මැවීම් වලට වඩා පූර්ණ ආදරයෙන් යුතු ව තෝරා ගත්තේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න