සූරා 4 · ජුස් 4
An-Nisa · 4:12
۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ ۚ فَإِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ ۚ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ ۚ فَإِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ ۗ وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ ۚ فَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَٰلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَىٰ بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ ۚ وَصِيَّةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය.
තෆ්සීර්
අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාගේ බිරියන්ට නුඹලා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ දාව පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු හෝ නොවී නම් ඔවුන් හැර දමා යන දැයින් අඩක් නුඹලාට හිමිය. නමුත් ඔවුනට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් ඔවුන් අතහැර දමා යන ධනයෙන් හතරෙන් කොටසක් නුඹලාට හිමිය. එසේ නුඹලාට බෙදනු ලැබිය යුත්තේ ඔවුන්ගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔවුන්ගේ ණය පියවීමෙන් පසුවය. එමෙන්ම අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාට නුඹලාගේ භාර්යාවන් විසින් හෝ වෙනත් අය විසින් හෝ පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු නොවී නම් නුඹලා අතහැර දමා යන දැයින් හතරෙන් කොටසක් නුඹලාගේ බිරියන්ට හිමිය. නමුත් නුඹලාට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් නුඹලා අතහැර දමා යන දැයින් ඔවුනට හිමිවනුයේ අටෙන් කොටසකි. එසේ ඔවුන්හට බෙදනු ලැබිය යුත්තේ නුඹලාගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාගේ ණය පියවීමෙන් පසුවය. කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැති ව මිනිසෙකු මියැඳුණේ නම් හෝ කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැතිව කාන්තාවක් මියැඳුණේ නම් හෝ මිය ගිය ඔහුට හෝ ඇයට මව සතු සහෝදරයෙකු හෝ සහෝදරියක වී නම් තම මවගේ සහෝදරයා හා මවගේ සහෝදරිය යන සෑම කෙනෙකුටම හයෙන් එක් කොටසක් අනිවාර්ය කොටසක් ලෙස හිමි විය යුතුය. නමුත් ඔහුගේ මව සතු සහෝදරයන් හෝ සහෝදරයින් එක් අයකුට වඩා වැඩිනම් ඔවුන් සියලු දෙනාම එහි හවුල්කරුවන් වන පරිදි අනිවාර්ය කොටසක් වශයෙන් තුනෙන් එක් කොටසක් හිමි විය යුතුය. එහි දී ඔවුන්ගේ පිරිමි හා කාන්තාව යන දෙපාර්ශවයම සමාන වන්නේය. ඔවුන්ගේ කොටස හිමි වනුයේ මිය ගිය තැනැත්තාගේ අන්තිම කැමැත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔහුගේ ණය පියවීමෙන් පසුවය. නමුත් ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩිපුර ප්රමාණයක් ඔහුගේ අන්තිම කැමැත්තෙහි ඔහු සඳහන් කර තිබීම වැනි තම අන්තිම කැමැත්ත උරුමක්කරුවන්ට හානි පමුණුවන සේ පිහිටිය නොයුතුය යන කොන්දේසිය මත සිදු විය යුත්තකි. නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් ලෙස මෙම පාඨයේ ඇතුළත් මෙම නීතිය අල්ලාහ් නුඹලා වෙත අනිවාර්යය කර ඇත්තේය. මෙලොව හා මතු ලොව තම ගැත්තන්හට යහපත සලසනුයේ කුමක්දැයි යන වග අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉතා ඉවසන සුළුය. පාපකම් කරන්නාට දඬුවම් දීම සඳහා ඔහු ඉක්මන් නොවන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න