සූරා 4 · ජුස් 4
An-Nisa · 4:11
يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۚ فَإِنْ كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِنْ كَانَ لَهُ وَلَدٌ ۚ فَإِنْ لَمْ يَكُنْ لَهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ ۚ فَإِنْ كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ ۗ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا ۚ فَرِيضَةً مِنَ اللَّهِ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි පිරිමියාට කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම් එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝදර යෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්රඥාවන්ත විය.
තෆ්සීර්
නුඹලාගේ දරුවන්ගේ උරුමයන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට අණ කර ඇති අතර ඔහු නුඹලාගෙන් ප්රතිඥා ගෙන ඇත. එනම්, සැබැවින්ම උරුමය වනාහි එය ගැහැනු දරුවන්ට හිමිවන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවාට බෙදා දෙනු ලැබිය යුතුය. පිරිමි දරුවකු නොමැති ගැහැනු දරුවන් පමණක් සිටින තැනැත්තෙකු ඔවුන් හැර දමා මිය ගිය විට ගැහැනු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්යාවක් සිටිනා විට ඔහු අතහැර යන දැයින් තුනෙන් දෙකක් ඔවුන් අතර බෙදා දෙනු ලැබිය යුතුය. එකම ගැහැනු දරුවකු පමණක් නම් ඔහු අතහැර දමා ගිය දැයින් අඩක් ඔහුට හිමි විය යුතුය. මිය ගිය තැනැත්තාහට ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු වී ඔහුගේ දෙමාපියන් ද සිටී නම් ඔහුගේ දෙමාපියන් සෑම කෙනෙකුටම ඔහු හැර දමා යන දැයින් හයෙන් එකක් හිමි විය යුතුය. ඔහුට දෙමාපියන් හැර කිසිදු දරුවකු හෝ උරුමක්කරුවකු හෝ නොවී නම් මව ට තුනෙන් එකක් ද ඉතිරිය තම පියාට උරුම වන්නේය. මිය ගිය තැනැත්තාට සහෝදරයින් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් වී නම් ඔවුන් පිරිමි හෝ ගැහැනු හෝ වේවා, එක කුස උපන් හෝ එක කුස නූපන් හෝ වේවා එවිට ඔහුගේ මව ට අනිවාර්යයෙන්ම හයෙන් එකක් හිමි විය යුතුය. ඉතිරිය වඩාත් සමීප ඥාතීත්වය අනුව පියාට හිමි වනු ඇත. සහෝදරයන්ට කිසිවක් උරුම වන්නේ නැත. උරුමය සම්බන්ධයෙන් මෙම බෙදීම් ක්රමය ක්රියාත්මක විය යුත්තේ මිය ගිය තැනැත්තා කවර දෙයක් පිළිබඳ අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද එය ක්රියාත්මක කිරීමෙන් පසුවය. නමුත් ඔහුගේ අන්තිම කැමැත්ත ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවිය යුතුය යන කොන්දේසිය මත හා ඔහු වෙත පැවරී ඇති ණය පියවීමෙන් පසු ව යන කොන්දේසිය මතය. සැබැවින්ම අල්ලාහ් උරුමය පිළිබඳ වූ කොටස් මේ ආකාරයෙන් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි සෙත සැලසීමෙන් නුඹලාට වඩාත් සමීප වනුයේ දෙමාපියන්ද දරුවන්ද යන වග නුඹලා නොදන්නා බැවිණි. මිය ගිය තැනැත්තා ඔහුගේ උරුමක්කරුවන් අතුරින් යම් කිසි කෙනෙකු යහපත් යැයි සිතා තම ධනය ඔහුට පිරිනැමිය හැක. එසේ නැතහොත් ඔහු නපුරෙක් යැයි සිතා ඔහුට පිරිනැමීමෙන් වැළකී සිටිය හැක. නමුත් ඇතැම් විට ඔහු සිතන ආකාරයට වඩා වෙනස් විය හැක. ඒ සියල්ල දන්නේ අල්ලාහ් පමණය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක. එහෙයින් ඔහු පැහැදිලි කළ පරිදි උරුමයන් බෙදිය යුතුය. එය ඔහුගේ ගැත්තන්හට වන අනිවාර්ය වගකීමක් ලෙස නියම කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. ඔහුගේ ගැත්තන්හට යහපත සලසන කිසිවක් ඇත්නම් ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නීතිගත කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න