සූරා 4 · ජුස් 4
An-Nisa · 4:10
إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًا
නියත වශයෙන් ම අනාථයින් ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති.
තෆ්සීර්
නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න