සූරා 4 · ජුස් 4
An-Nisa · 4:13
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්රහණය එයයි.
තෆ්සීර්
අනාථ දරුවන් හා වෙනත් පාර්ශවයන් පිළිබඳ ඉහත සඳහන් මෙම නීතිරීති තම ගැත්තන් ඒවා ක්රියාත්මක කිරීම සඳහා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ නීතිරීති වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට කවරෙකු අවනත වන්නේද ස්වර්ග මාලිගා යටින් ගලා යන ගංගාවන් සහිත ස්වර්ග උයන් වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශයක් අත්වන්නේ නැත. එම දේව ත්යාගය අති මහත් ජයග්රහණයකි. කිසිදු ජයක් එයට සමාන වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න