සූරා 4 · ජුස් 5

An-Nisa · 4:119

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ ۚ وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُبِينًا

සැබැවින්ම මම ඔවුන් ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන් ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේය.

තෆ්සීර්

ඔබේ ඍජු මාර්ගයෙන් මම ඔවුන් ඉවත් කරමි. ඔවුන් නොමග යෑම ඔවුනට අලංකාරවත් කරවන බොරු ප්රතිඥාවන් තුළින් මම ඔවුනට ආශාවන් ඇති කරමි. අල්ලාහ් කවර කරුණක් අනුමත කර ඇත්තේද එය තහනම් කරනු පිණිස සිව්පාවුන්ගේ කන් කපා හැරීමට මම ඔවුනට අණ කරමි. අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ ස්වභාවය වෙනස් කිරීමට මම නියෝග කරමි. කවරෙකු ෂෙයිතාන් ව තම භාරකාරත්වය දරන භාරකරුවකු බවට පත් කරගෙන ඔහුට අවනත වන්නේද, බැහැර කරන ලද ෂෙයිතාන් සමග සම්බන්ධකම් පැවැත් වූ බැවින් ඔහු ඉමහත් ලෙස පාඩු විඳිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න