සූරා 4 · ජුස් 5

An-Nisa · 4:117

إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا إِنَاثًا وَإِنْ يَدْعُونَ إِلَّا شَيْطَانًا مَرِيدًا

(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව කාන්තාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද (සියලු යහකම් වලින්) බැහැර කරනු ලැබූ ‍ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.

තෆ්සීර්

මෙම ආදේශ තබන්නන් ලාත්, උස්සා වැනි කාන්තාවන්ගේ නම් තබන ලද ගල් පිළිරූ හැර වෙනත් කිසිවක් නමදින්නේ හෝ ඇරයුම් කරන්නේ හෝ නැත. ඔවුනට කිසිදු සෙතක් සැලසීමට හෝ හානියක් සිදු කිරීමට හෝ ඒ්වාට නොහැක. සැබැවින්ම ඔවුන් නැමදුම් කරනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ ෂෙයිතාන්ටය. එහි කිසිදු යහපතක් නැත. හේතුව ගල් පිළිරූ වෙත නමදින්නට ඔවුනට නියෝග කර ඇත්තේ ඔහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න