සූරා 4 · ජුස් 5

An-Nisa · 4:116

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا

සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟට විය.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ් ආදේශ තැබීමේ වරදට සමාව දෙන්නේම නැත. එසේ ආදේශ කළ තැනැත්තා නිරා ගින්නේ සදාතනික ව වෙසෙනු ඇත. ෂිර්ක් හෙවත් ආදේශ කිරීම හැර සෙසු පාපකම් සඳහා ඔහුගේ කරුණාව හා භාග්යය තුළින් ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ් සමග තවත් අයකු ආදේශ කරන්නේද සැබැවින්ම ඔහු සත්යයයෙන් පෙරළී ගොස් ඇත. එහි අන්තයටම ගොස් ඇත. හේතුව ඔහු මැවුම්කරු හා මැවීම් අතර සමානකමක් දක්වා ඇති බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න