සූරා 4 · ජුස් 5

An-Nisa · 4:115

وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا

කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල් වරයාට පිටු පා දේව විශ්වාස වන්තයින්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහු ව යොමු කරන්නෙමු. තවද ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.

තෆ්සීර්

කවරෙකු රසූල්වරයාට පිටුපාමින් ඔහු කවර දෙයක් ගෙන ආවේද එය පැහැදිලි වූවායින් පසු එයට විරුද්ධ වෙමින් කටයුතු කර දෙවියන් විශ්වාස කරන්නන්ගේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේද ඔහු ද ඔහු වෙනුවෙන් ඔහු තෝරාගත් දෑ ද අපි අතහැර දමන්නෙමු. ඔහු උවමනාවෙන්ම එය පිටුපෑ හේතුවෙන් සත්යය වෙත ආශිර්වාද නොකරන්නෙමු. උතුරන නිරා ගින්නට අපි ඔහු ඇතුළත් කරන්නෙමු. එහි වැසියන් යොමු වන ස්ථානය ඉතා නපුරුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න