සූරා 4 · ජුස් 5

An-Nisa · 4:113

وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِنْ شَيْءٍ ۚ وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا

(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නොවී නම් ඔවුන් අතුරින් පිරිසක් නුඹ ව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. නමුත් ඔවුන්වම මිස (වෙන කිසිවකු) ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නොකරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්නුවේය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ් ගේ භාග්‍යය අතිමහත් විය.

තෆ්සීර්

අහෝ රසූල්වරය! ඔබ ව ආරක්ෂා කිරීමෙන් අල්ලාහ් ඔබ කෙරෙහි ආශිර්වාද නොකළේ නම්, තමන්හටම වංචා කර ගත් අය අතරින් පිරිසක් ඔබ ව සත්‍යයයෙන් නොමග යවන්නට උත්සාහ දරා, පසු ව ඔබ විසින් අයුක්ති සහගත ලෙස තීන්දු පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් තමන්වම මිස මුළා කර ගත්තේ නැත. නොමග යැවීමේ උත්සාාහයේ ප්‍රතිවිපාකය ඔවුන් වෙතම නැවත හැරී එනු ඇත. අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඇති බැවින් ඔබට යම් හිංසාවක් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. අල්ලාහ් ඔබ වෙත අල් කුර්ආනය හා සුන්නාව පහළ කළේය. මීට පෙර කිසිවකු දැන නොසිටි ප්‍රඥාවෙන් හා යහමගින් ඔබට ඔහු ඉගැන්නුවේය. එමෙන්ම නබිත්වය හෙවත් දූත මෙහෙය ඔබට පිරිනමමින් හා ඔබ ව ආරක්ෂා කරමින් අල්ලාහ් ඔබට දායාද කර ඇත්තේ මහත් භාග්‍යයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න