සූරා 4 · ජුස් 5

An-Nisa · 4:110

وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකියි.

තෆ්සීර්

කවරෙකු යම් නපුරක් සිදු කොට එසේ නැතහොත් පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කරගෙන පසු ව තම පාපය පිළිගෙන ඒ සඳහා පසුතැවිලි වෙමින් එයින් මුදවන මෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේද තම පාපයට සමාව දෙන්නෙකු ලෙසත්, ඔහු සමග කාරුණික ව කටයුතු කරන්නෙකු ලෙසත්, ඔහු අල්ලාහ් ව නිරන්තරයෙන් දකිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න