සූරා 4 · ජුස් 5

An-Nisa · 4:109

هَا أَنْتُمْ هَٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا

මෙන්න, නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරු‍වෙකු වනුයේ කවුද?

තෆ්සීර්

මෙන්න වැරදි කරන්නන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ අවධානයට යොමු කරන අයලුවනි, නුඹලා ඔවුන් නිර්දෝෂී බව ඔප්පු කර, ඔවුන් දඬුවමින් මුදා ගනු පිණිස මෙලොවෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය වටහා ගත් පසු ඔවුන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනුයේ කවරෙකුද? එදින ඔවුන්ගේ භාරකරු කවරෙකුද? කිසිදු සැකයක් නැත. එදින ඒ සඳහා කිසිවකු හැකියාව නොදරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න