සූරා 4 · ජුස් 5

An-Nisa · 4:105

إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ۚ وَلَا تَكُنْ لِلْخَائِنِينَ خَصِيمًا

(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින්ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. වංචා කරන්නන් හට වාද කරන්නෙකු බවට නුඹ පත් නොවනු.

තෆ්සීර්

දූතය, සැබැවින්ම සත්යය මත පදනම් කරමින් අල්කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය ඔබට අල්ලාහ් ඉගැන්වූ දෑ හා ඔහු ඔබට ලබා දුන් ප්ර්ඥාව තුළින් ජනයා මුහුණ දෙන සෑම කටයුත්තකදීම ඔවුන් අතර පැහැදිලි කරනු පිණිසය. එය ඔබේ කැමත්තට හෝ ඔබේ අදහසට අනුව සිදු නොවන්නකි. තමන්ට හා තම වගකීමට වංචා කරන්නන්හට ඔවුන් සත්යය සෙවීමෙන් වෙනතකට යොමු කරමින් ඔවුන් වළක්වන්නෙකු ලෙස ඔබ නොවනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න