සූරා 4 · ජුස් 5

An-Nisa · 4:104

وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ ۖ إِنْ تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

එම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසුනොබසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන්ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන්ම ඔවුන් අපේක්ෂා නොකරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහුය. තවද අල්ලාහ් සර්වඥානීය. සර්ව ප්‍රඥාවන්තය.

තෆ්සීර්

විශ්වාස කරන්නනි, ඔබ දුර්වල නොවනු. දෙවියන් ප්රතික්ෂේප කරන ඔබේ සතුරන් සොයා යෑමෙහි මැළිකම් නොදක්වනු. මිය යෑම, තුවාල වීම වැනි ඔබට අත් වූ විපතක් හේතුවෙන් ඔබ වේදනා විඳින්නෙහු නම්, සැබැවින්ම ඔබ වේදනාව විඳිනවා මෙන්ම ඔවුන්ද වේදනා විඳිනු ඇත. ඔබේ ඉවසීමට වඩා ඔවුන්ගේ ඉවසීම මහත් නොවන්නේය. හේතුව, සැබැවින්ම ඔවුන් බලාපොරොත්තු නොවන දෑ ස්ථීරභාවය, උදව්ව හා ප්රතිඵල ඔබ අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් තම ගැත්තන්ගේ තත්ත්වයන් මැනවින් දන්නාය. ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්ර්ඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න