සූරා 4 · ජුස් 5
An-Nisa · 4:103
فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا
නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද වාඩිවෙමින් ද නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරනු. නුඹලා අභයදායී වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.
තෆ්සීර්
දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නනි, ඔබ සලාතය නිමා කළ පසු සිටගෙන හෝ වාඩි වී හෝ පැත්තකට ඇල වී හෝ කවර ඉරියව්වක ඔබ සිටිය ද තස්බීහ් (සුබ්හානල්ලා - අල්ලාහ් පිවිතුරුය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් - සියලු ප්ර්ශංසා අල්ලාහ් සතුය) තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන පාඨ තෙපලමින් අල්ලාහ් ව මෙනෙහි කරන්න. ඔබෙන් බිය පහ වී අභයදායී තත්ත්වයක් ඔබට උදා වූ විට නියෝග කරනු ලැබූ පරිදි සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන් වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක කරුණු පිළිපදිමින් සලාතය පූර්ණ ව ඉටු කරන්න. නියමිත කාලය තුළ සලාතය ඉටු කිරීම දෙවියන් විශ්වාස කරන්නන්හට අනිවාර්යය කොට ඇත. සාධාරණ හේතුවක් සඳහා මිස එය ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. මෙය ගමේ පදිංචි ව සිටියදී ඉටු කරනු ලබන ක්රමයයි. ගමනක යෙදී සිටියදී, ජම්උ හෙවත් සලාත් දෙකක් එකම වේලාවේ ඉටු කිරීම හා කස්ර් හෙවත් රකආත් හතරේ සලාතය දෙක බැගින් කෙටි කර ඉටු කිරීමේ අවකාශය ඔබට ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න