සූරා 4 · ජුස් 5
An-Nisa · 4:102
وَإِذَا كُنْتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلَاةَ فَلْتَقُمْ طَائِفَةٌ مِنْهُمْ مَعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِنْ وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُمْ مَيْلَةً وَاحِدَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِنْ كَانَ بِكُمْ أَذًى مِنْ مَطَرٍ أَوْ كُنْتُمْ مَرْضَىٰ أَنْ تَضَعُوا أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا حِذْرَكُمْ ۗ إِنَّ اللَّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا
නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතුය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතුය. ඔවුහු සුජූද් කළ පසුව නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතුය. සලාතය ඉටු නොකළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතුය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතුය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන් ගේ ආයුධ ඔවුන් ගත යුතුය. දේව ප්රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානී ව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන් ව සිටියේ නම් හෝ නුඹලාගේ අයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. නමුත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතුය. සැබැවින්ම අල්ලාහ් දේව ප්රතික්ෂේපක යින්ට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත.
තෆ්සීර්
අහෝ! දූතය, සතුරා සමග සටන් වදින මොහොතේ ඔබ සේනාව සමඟ සිටියදී ඔවුනට ඔබ සලාතය මෙහෙයවන්නට සිතන්නෙහි නම් සේනාව කණ්ඩායම් දෙකට බෙදා ඉන් එක් කණ්ඩායමක් ඔබ සමග සලාතය ඉටු කිරීමට සලස්වන්න. සලාතයේදී ආයුධ සන්නද්ධ ව ඔවුන් සිටිය යුතුයි. අනෙක් කණ්ඩායම ඔබගේ ආරක්ෂාව සඳහා අවධානයෙන් තබන්න. පළමු කණ්ඩායම ඉමාම් සමග එක රකඅතයක් ඉටු කළේ නම් සෙසු රකඅතය ස්වෙච්චාවෙන් ඉටු කර වහාම සතුරන් දෙසට මුහුණ ලා ඔබ පිටුපසින් අවධානයෙන් සිටිය යුතුයි. පසු ව ආරක්ෂාව සඳහා අවධානයෙන් සිටි සලාතය ඉටු නොකළ අනෙක් කණ්ඩායම පැමිණ ඉමාම් සමග එක් රකඅතයක් ඉටු කළ යුතුයි. ඉමාම් සලාම් පැවසූ විට ඔවුන් ඉතිරි රකඅතය සම්පූර්ණ කළ යුතුයි. ඔවුන් ද සතුරන්ගෙන් ප්රවේසම් විය යුතුයි. ආයුධ සන්නද්ධ ව සිටිය යුතුයි. නුඹලා සලාතය කරමින් සිටියදී නුඹලාගේ උපකරණ හා ආයුධ ගැන නොසැලකිල්ලෙන් පසු වන විට එකවර පහර දීමට දෙවියන් ප්රීතික්ෂේප කරන්නන් සැබැවින්ම ප්රිය කරනු ඇත. වර්ෂාව හේතුවෙන් හෝ අසනීපය හේතුවෙන් හෝ ඔබට යම් අපහසුතාවක් ඇති වූ විට ඔබේ ආයුධ නොඋසුලා බිම තැබීමෙහි වරදක් නැත. නමුත් ඔබ හැකි පමණින් ඔබගේ සතුරාගෙන් ප්රුවේශම් වන්න. සැබැවින්ම අල්ලාහ් ඔහු ව ප්රතික්ෂේප කරන්නන්හට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න