සූරා 4 · ජුස් 5

An-Nisa · 4:101

وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا ۚ إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُبِينًا

නුඹලා මහපොළොවෙහි ගමන් කළ විට දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත් සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට පැහැදිලි සතුරන් වූහ.

තෆ්සීර්

මහපොළොවේ නුඹලා ගමන් කරන විට දේව ප්රිතික්ෂේපකයින්ගෙන් යම් පිළිකුල් සහගත දෙයක් ඔබට අත්වනු ඇතැයි ඔබ බියවන්නෙහු නම් රකආත් හතරකින් යුත් සලාතය රකආත් දෙකක් වශයෙන් කෙටි කර ඉටු කිරීමෙහි වරදක් නැත. සැබැවින්ම ඔබ කෙරෙහි වූ දේව ප්රෙතික්ෂේපකයින්ගේ සතුරුකම් ඉතා පැහැදිලිය. අභයදායී අවස්ථාවක ගමනක නිරතව සිටියදී සලාතය කෙටි කිරීමේ අනුමැතිය පූර්ව සාධක සහිත හදීස් වල පවා තහවුරු කර ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න