සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:9
أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්රී හෝරාවන්හි (සලාතයේදී) සුජූද් කරන්නකු සේ ද නැගී සිටින්නෙකු සේ ද ගැතිකම් කිරීමට අවදි ව සිටින්නා (එසේ නොකරන්නෙකු මෙන්)ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැයි (නබි මුහම්මද්) ඔබ විමසනු. (මෙමගින්) උපදෙස් ලබනුයේ ප්රබුද්ධිමත් උදවියයි.
තෆ්සීර්
තම පරමාධිපතිට සුජූද් කරමින් ඔහුට නැමදුම් කරමින් රාත්රී කාලය ගත කර මතුලොව දඬුවම ගැන බිය වී තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන සිතා ඔහුට අවනත වන්නා උතුම් ද එසේ නැතහොත් දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ්ව නැමද ප්රීතිමත් අවස්ථාවන්හි ඔහු ව ප්රතික්ෂේප කොට ඔහු සමග හවුල්කරුවන් පත් කරන එම දේව ප්රතික්ෂේපකයා ද? අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් ව ඔවුන් හඳුනා ගත් හේතුවෙන් ඔවුන් මත අල්ලාහ් අනිවාර්යය කළ දෑ ගැන වටහා ගන්නන් හා ඒ ගැන කිසිවක් නොදන්නා මොවුන් එක සමාන වන්නේ ද? මෙම කණ්ඩයම් දෙක අතර වූ වෙනස හඳුනා ගනුයේ මනා බුද්ධියක් ඇති පුද්ගලයෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න