සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:8

۞ وَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلَّهِ أَنْدَادًا لِيُضِلَّ عَنْ سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ

තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසු ව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ දේව ප්‍රතික්ෂේපය සමග ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන්ම ඔබ (නිරා)ගින්නේ සගයින් අතුරිනි” යැයි (නබි මුහම්මද්,) ඔබ පවසනු.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපකයාට යම් රෝගයකින් යම් පීඩාවක් ඇති වූ විට ඔහු සැලෙයි. බියවෙයි. තම පරමාධිපති වෙත පමණක් යොමු වී පීඩාවෙන් තමන් ගලවා ගන්නා මෙන් ඔහුට කන්නලව් කර එහි ගිලී යයි. පසු ව ඔහුට අත් වූ එම පීඩාව ඔහුගෙන් ඉවත් කොට ඔහුට ආශිර්වාදයක් පිරිනැමූ විට මීට පෙර ඔහු යටත් වෙමින් සිටි අල්ලාහ්ව අතහැර දමයි. අල්ලාහ්ගේ මාර්ගය අතහැර ඔහු වෙත සේන්දු විය හැකි වෙනත් අයකු අතරමැදියකු බවට පත් කිරීම පිණිස ඔහුට හවුල්කරුවන් පත් කොට ඔහු හැර දමා ඔවුනට නමදියි. අහෝ දූතය! මෙම තත්ත්වයේ සිටින්නන්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹේ ඉතිරි ආයු කාලය ද නුඹ නුඹේ ප්රතික්ෂේපය සමගම භුක්ති විඳිනු. එය සුළු කාලයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ අපා ගින්නට බැඳී සිටින පුද්ගලයින් අතරින් කෙනෙකි. එම නිරාවාසියා ඔහුගේ මිතුරා සමග එහි බැඳී සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න