සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:10
قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسَابٍ
අහෝ දෙවියන් විශ්වාස කළාවූ මාගේ ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපතය. අල්ලාහ්ගේ භූමිය විශාලය. ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ ප්රතිඵල කිසිදු ගණනයකින් තොරවය පූර්ණ ලෙස පිරිනමනු ලබනුයේ.
තෆ්සීර්
අහෝ දූතය! මා හා මාගේ දූතයා විශ්වාස කළ මාගේ ගැත්තන් හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත්ව කටයුතු කරනු. මෙලොවෙහි නුඹලා අතරින් යහපත් ක්රියාවන් දැහැමි ලෙස සිදු කළවුනට මෙලොවෙහි යහපත් උපකාරය නිරෝගිකම හා සම්පත් ඇත. මතුලොවෙහි ද ස්වර්ගය ඇත. අල්ලාහ්ගේ භූමිය විශාලය. නුඹලා අල්ලාහ්ට නැමදුම් කරන ස්ථානයක් ලබන තුරු නුඹලා එහි සංක්රමණය කරනු. නුඹලාව වළක්වන කිසිවෙකු නැත. සැබැවින්ම ඉවසිලිවන්තයින්ට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ කුසල් පිරිනමනුයේ කිසිදු ගණනයකින් තොරවය. එහි අධිකත්වයටත් විවිධත්වයටත් සීමාවක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න