සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:74
وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَنَا وَعْدَهُ وَأَوْرَثَنَا الْأَرْضَ نَتَبَوَّأُ مِنَ الْجَنَّةِ حَيْثُ نَشَاءُ ۖ فَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
“තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළො ව අපට උරුමකර දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුහු පවසනු ඇත. එහෙයින් ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය.
තෆ්සීර්
දේව විශ්වාසීන් ස්වර්ගයට පිවිසුණු කල්හි ‘තම දූතවරුන්ගේ දිවවල් හරහා අපට ප්රතිඥා දුන් ඔහුගේ ප්රතිඥාව අපට සැබෑවක් බවට පත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. සැබවින්ම අප ස්වර්ගයට ඇතුළත් කරන බවත් ස්වර්ග භූමිය උරුම කර දෙන බවත් ඔහු අපට ප්රතිඥා දුන්නේය. අපි පහළ වීමට ප්රිය කළ ස්ථානයට අපි ගොඩ බසින්නෙමු. තම පරමාධිපතිගේ තෘප්තිය උදෙසා දැහැමි ක්රියාවන් කළ ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න