සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:75

وَتَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَقِيلَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.

තෆ්සීර්

සාක්ෂි ඉදිරිපත් කරනු ලබන මෙම දිනයේ මලක්වරුන් අර්ෂය වටා සිටිති. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් පිළිබඳ පවසන නුසුදුසු දැයින් අල්ලාහ් නිදහස් කරයි. සියලු මැවීම් අතර අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු ලබා දෙයි. ගෞරව කළ යුත්තන් ගෞරවයට පත් කරයි. දඬුවම් කළ යුත්තන් දඬුවමට ලක් කරයි. ‘තම දේව විශ්වාසී ගැත්තන්හට කරුණාවෙන් ද, ප්රතික්ෂේප කළ තම ගැත්තන්ට හට දඬුවම් පමුණුවමින් ද තීන්දූ ලබා දෙමින් ඔහුගේ තීන්දුව මත සියලු මැවීම් පාලනය කරවන අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි කියනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න