සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:73
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලා යහපත් අයුරින් කටුයුතු කර ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.
තෆ්සීර්
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ දේව විශ්වාසීන් ගෞරවනීය කණ්ඩායමක් ලෙස ඉතා කාරුණික ව මලක්වරුන් විසින් ස්වර්ගය වෙත කැටුවා ගෙන යනු ලබති. ඔවුන් ස්වර්ගය අබියසට පැමිණි විට ඔවුන් වෙනුවෙන් එහි දොරටු විවෘත කරනු ලැබේ. ඒ සඳහා භාරකාර්තවය දරන මලක්වරුන් ඔවුනට, "සියලු උවදුරු වලින් හා නුඹලා පිළිකුල් කරන සියලු දැයින් ආරක්ෂාව හා ශාන්තිය නුඹලාට අත් වේවා! නුඹලාගේ සිත් හා නුඹලාගේ ක්රියාවන් යහපත් වේවා! එහෙයින් නුඹලා සදාතනිකයින් ලෙසින් ස්වර්ග උයනට පිවිසෙනු." පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න