සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:68

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ

සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස් තුළ ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගී සිටිමින් අවධානයෙන් බලා සිටිති.

තෆ්සීර්

හොරණෑවෙහි පිඹීම සඳහා පවරනු ලැබූ මලක්වරයා එහි පිඹින දින මරණය නොවිය යුතු යැයි අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි හා මහපොළොවේ ඇති සෙසු සියලු දෑ මරණයට පත් වෙයි. පසු ව එම මලක්වරයා යළි අවදි වීම සඳහා දෙවන වරට එහි පිඹියි. එවිට සියලු දෙනා අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ නරඹමින් ජීවමාන ව නැගී සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න