සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:69

وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.

තෆ්සීර්

ගැත්තන් අතර තීන්දු දීම සඳහා සර්වබල හිමිපාණන් සම්ප්රාප්ත වන මොහොතේ මහ පොළොව ආලෝකමත් වෙයි. මිනිසුන්ගේ ක්රියා ලේඛන දිගු හරිනු ලැබේ. නබිවරුන් ගෙන එනු ලැබේ. එම නබිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ ජනයාට එරෙහි ව සාක්ෂි දැරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා ගෙන එනු ලැබේ. ඔවුන් සියලු දෙනා අතර සාධාරණීය ලෙස අල්ලාහ් තීන්දු පිරිනමයි. එදින ඔවුන් අසාධාරණයට ලක් නොවෙති. එහෙයින් මිනිසාට යම් පාපයක් වැඩි කරන්නේ හෝ යම් කුසලක් අඩු කරන්නේ හෝ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න