සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:67
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද අල්ලාහ් ව ප්රමාණ කළ යුතු නියම අයුරින් ඔවුහු ඔහු ප්රමාණ කොට නොසැලකූහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය.
තෆ්සීර්
දේව ආදේශකයින් අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු නිසි අයුරින් ගරු බුහුමන් කළේ නැත. මෙය, දුර්වල හා දුබල මැවීම් අල්ලාහ්ට ආදේශ කරමින්, මහ පොළොවේ පවතින කඳු ගස් ගංගා සාගර යනාදියෙන් විද්යාමාන වන ඔහුගේ බලය ගැන නොසැලකිලිමත් වෙමින් හා ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔහුගේ ග්රහණය තුළ පවතින බවත්, සැබවින්ම අහස් හත ඔහුගේ දකුණතෙහි වෙළී පවතින බවත් නොසැලකිලිමත් ව කටයුතු කළ බැවිණි. දේව ආදේශකයින් පවසන දැයින් හා ඔවුන් විශ්වාසය තබන දැයින් ඔහු සුවිශුද්ධය පිවිතුරුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න