සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:54
وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ
තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත යොමු වනු. ඔහුට යටහත් වනු. පසු ව නුඹලාගේ පිළිම හෝ නුඹලාගේ පවුලේ ඥාතීන් අතරින් කිසිවෙකු හෝ එම දඬුවමින් නුඹලා ව මුදවා නුඹලාට පිහිට වන කිසිවකු නුඹලා නොදකිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න