සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:55
وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ
නුඹලා නොහඟමින් සිටිය දී ක්ෂණික ව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.
තෆ්සීර්
නුඹලාගේ පරමාධිපති ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ වඩාත් අලංකාරවත් අල් කුර්ආනය නුඹලා පිළිපදිනු. එහෙයින් පාප ක්ෂමාව තුළින් ඒ සඳහා සූදානම් වීමට පවා නොහැකි, නුඹලා නොසිතූ මොහොතක එකවර නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර එහි ඇති නියෝග ක්රියාත්මක කරනු. එහි තහනම් කළ දැයින් වැළකී සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න