සූරා 39 · ජුස් 24

O My servants who have transgressed · Az-Zumar 39:53

۞ قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

අහෝ තමන් විසින් තමන් නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින්, සීමාව ඉක්මවා ගිය මාගේ ගැත්තන්හට නුඹ මෙසේ පවසනු. අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ හා නුඹලාගේ පාපයන් වලට ඔහුගේ සමාව පිළිබඳ නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම අල්ලාහ් ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වන්නන්ගේ සියලු පාපකම් කමා කරයි. සැබවින්ම ඔහු පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න