සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:5

خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ

සත්‍යයෙන් යුතු ව අහස් හා මහපොළොව ඔහු මැව්වේය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු සර්ව බලධාරී අතික්ෂමාශීලී ඔහුය.

තෆ්සීර්

ඔහු අහස් හා මහපොළොව මවා ඇත්තේ ගැඹුරු ප්රඥාවක් සඳහාය. අපරාධකරුවන් පවසන පරිදි ඒවා නිකරුණේ මවා නැත. රාත්රිය දහවල මත ප්රවේශ වෙයි. දහවල රාත්රිය මත ප්රවේශ වෙයි. ඒ දෙකින් එකක් පැමිණෙන විට අනෙක සැඟවී යයි. තවද ඔහු හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියම කරන වේලාවක් වෙනුවෙන් ගමන් කරනු ඇත. එය මෙම ජීවිතයේ අවසානයයි. දැනගනු! ඔහු වනාහි ඔහුගේ සතුරන්ට සමප්රතිචාර දක්වන කිසිවකු විසින් ඔහු අභිබවා යා නොහැකි සර්වබලධාරී සුවිශුද්ධයාණන්ය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගෙන් පාපකම් මකන අති ක්ෂමාශීලීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න