සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:4
لَوْ أَرَادَ اللَّهُ أَنْ يَتَّخِذَ وَلَدًا لَاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු මවන දැයින්ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරුය. ඔහු මහා බලපරාක්රම ඒකීය වූ අල්ලාහ්ය.
තෆ්සීර්
අල්ලාහ් දරුවකු ගැනීමට අභිමත කළේ නම් ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අයකු තෝරා ඔහු ව දරුවාගේ නිලයෙහි ඔහු පත් කරන්නට තිබුණි. මෙම දේව ආදේශකයින් පවසන දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු ඒකීයය. එහි ඔහු සමග කිසිදු හවුල්කරුවකු නැත. ඔහුගේ සියලු මැවීම් වෙනුවෙන් ආධිපත්යය දරනුයේ ඔහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න