සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:3

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ

දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්‍රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි.

තෆ්සීර්

දැනගනු! සියලු ආදේශයන්ගෙන් තොර වූ දහම අල්ලාහ් සතුය. අල්ලාහ් අතහැර ඔවුන් නමදින පිළිම හා වෙනත් ව්යාජ බලවේග අතරින් ඔහු හැර භාරකරුවන් ලෙස තෝරා ගත් අය වනාහි, ඔවුන් ඒවා නැමදීම ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කරති. ‘නිලයෙන් අල්ලාහ් වෙත ඔවුන් අප සමීප කරනු පිණිසත් අපගේ අවශ්යතා ඔහු වෙත ඔවුන් ඉදිරිපත් කරනු පිණිසත් ඔහු අබියස අප වෙනුවෙන් ඔවුන් මැදිහත්වී කතා කරනු පිණිසත් මිස අපි ඔවුන් නමදින්නේ නැත.’ නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළවුන් හා ඔහුට ආදේශ තැබූ ප්රතික්ෂේපකයින් අතර වෙන් කරනු ඇත. එය ඔවුන් ඒකදේවත්වය පිළිබඳ කවර මතභේදයක සිටියේ ද එහි තීන්දුව අනුවය. කවරෙකු අල්ලාහ්ට හවුල් කරුවකු ආරෝපණය කොට බොරු පවසන්නේ ද එමෙන්ම ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදවලට ගුණමකු වන්නේ ද සැබවින්ම අල්ලාහ් ඔහුට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න