සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:6
خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنْزَلَ لَكُمْ مِنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
එකම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේය. පසු ව එයින් එහි සහකාරිය ඇති කළේය. ගොවිපළ සතුන්ගෙන් ජෝඩු අටක් නුඹලාට පහළ කළේය. තුන් ආකාර අන්ධකාරයන් තුළ මැවීමකින් පසු මැවීමක් ලෙසින් නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු නුඹලා මැව්වේය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්යයන් ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ව එක් ආත්මයකින් මැව්වේය. ඔහු ආදම්ය. පසු ව ආදම්ගෙන් ඔහුගේ සහකාරිය වූ හව්වා මැව්වේය. තවද ඔටු, ගව, බැටලු හා එළු වර්ග අටක් මැව්වේය. සෑම මැවීමක් අතරම පිරිමි හා ගැහැණු වර්ග මැව්වේය. සුවිශුද්ධයාණන් නුඹලා ව නුඹලාගේ මව් කුසවල් තුළ අදියරින් අදියර කුසෙහි අන්ධකාරයන්හි ද, ගර්භාෂයෙහි ද වැදෑමහෙහි ද ඔහු නුඹලා බිහි කළේය. මේ සියල්ල මැව්වා වූ ඔහු නුඹලාගේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ය. සියලු රාජ්යය ඔහුට පමණක් සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙක් නැත. එසේ නම් ඔහු නැමදීම අතහැර දමා කිසිවක් නොමැ වූ ඔවුන් පවා මවනු ලැබූ තත්ත්වයේ තිබියදී එවැන්නන් නැමදීමට ඔවුන් යොමු වනුයේ කෙසේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න