සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:46
قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
ගුප්ත දෑ හා අදෘශ්යමාන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබය යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
තෆ්සීර්
කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව අහස් හා මහ පොළොව මැවූ දෙවිඳුනි! ගුප්ත ව පවතින දෑ හා ඉදිරියේ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා දෙවිඳුනි! ඒ කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත. සැබැවින්ම නුඹ ඒකීයය. මෙලොවෙහිදී ඔබේ ගැත්තන් කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ ගැත්තන් අතර වෙන් කරන්නෙහිය. එවිට සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැ යි ද භාග්යවන්තයා හා අභාග්යවන්තයා කවරුන් දැ යි ද පැහැදිලි වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න