සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:47
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِنْ سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُمْ مِنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ
අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් ඒවා දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටී දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.
තෆ්සීර්
දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට මහපොළොවේ ඇති වටිනා වස්තු, දේපළ සියල්ල හා ඒවා හැර වෙනත් දෑ ද තිබුණ ද ඒ සමගම ඒ හා සමාන තවත් බොහෝ ගුණයක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් පසු ඔවුන් දකින දරුණු දඬුවමින් මිදීම සඳහා ඒවා සියල්ල වන්දි වශයෙන් පිරිනමන්නට බලති. නමුත් ඔවුනට එය සතු නොවීය. එය ඔවුනට හැකි යැයි සිතුව ද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. එමෙන් ම ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අල්ලාහ්ගෙන් වූ විවිධ දඩුවම් ඔවුනට හෙළි වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න