සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:45
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නොකරන්නන්ගේ හදවත් පිළිකුල් කරති. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට එවිට ඔවුහු සතුටු වෙති.
තෆ්සීර්
මතු ලොව හා එහි පවතින නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල යනාදිය විශ්වාස නොකරන දේව ආදේශකයින් වෙත අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් හැකිළී යනු ඇත. අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම ගැන මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සතුටින් ඉපිලී යති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න