සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:42
اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නොවූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ්ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේද එය (ආපසු නොයවා) ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.
තෆ්සීර්
ජීවිත වල ආයු කාලය අවසන් වන විට ඒවා අත්පත් කර ගන්නා අල්ලාහ්ය. ඒවායෙහි අයු කාලය අවසන් නොවූ ප්රාණ ද නින්දේදී ඔහු අත්පත් කර ගනියි. මරණය තීන්දු වූ ප්රාණ රඳවා ගනියි. ඒ ගැන තීන්දු නොකළ දෑ ඔහුගේ දැනුම තුළ නිශ්චිත කාලයක් දක්වා අතහැර දමයි. එසේ ජීවිත අත්පත් කර ගැනීම, අතහැර දැමීම මරණයට පත් කිරීම, ජීවය ලබා දීම යනාදිය වටහා ගන්නා ජනයාට සැබවින්ම එසේ සිදු කරන්නා විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන්ගේ මරණයෙන් පසු ව ඔවුන් යළි අවදි කරවන බලාධිකාරියා බවට සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න