සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:43
أَمِ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ شُفَعَاءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ
එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නොදරමින් බුද්ධිමත් නොවන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද)“ යැයි ඔබ පවසනු.
තෆ්සීර්
සැබැවින්ම දේව ආදේශකයෝ ඔවුන්ගේ පිළිම අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අබියස ප්රයෝජනය අපේක්ෂා කරනු ලබන ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස සලකති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. නුඹලාට හෝ ඔවුනට හෝ යමක් කිරීමට බලයක් නැති වැටහීමක් නැති තත්ත්වයක ඔවුන් සිටිය දී, ඔවුන් මැදිහත්කරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඒවා කතා නොකරන ගොළු, එමෙන්ම සවන් නොදෙන නොබලන සෙත නොසලසන හානි නොපමුණුවන භෞතික වස්තූන් වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න