සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:41
إِنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ ۖ فَمَنِ اهْتَدَىٰ فَلِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
නියත වශයෙන්ම අපි සත්යයෙන් යුතු ව දහම් ග්රන්ථය ජනයා සඳහා, ඔබ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමගින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවමය. තවද ඔබ ඔවුන් කෙරෙහි භාරකරුවකු නොවේ.
තෆ්සීර්
අහෝ දූතය! සැබවින්ම නුඹ ජනයාට අවවාද කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් කවරෙකු මග ලබන්නේ ද සැබවින්ම එම මග ලැබීම ඔහුටම ප්රයෝජනවත් වනු ඇත. ඔහුගේ මග ලැබීම අල්ලාහ්ට ප්රයෝජනවත් වන්නේ නැත. සැබවින්ම ඔහු එහි අවශ්යතාවක් නොමැත්තාය. එමෙන්ම කවරෙකු නොමග ගියේද ඔහු නොමග යෑමේ හානිය ඔහුට එරෙහිව ම පිහිටනු ඇත. ඔහුගේ නොමග යෑම අල්ලාහ්ට කිසිදු හානියක් නොකරයි. යහ මග වෙත ඔවුනට බල කිරීමට ඔවුන් වෙත භාරකරුවකු ලෙස නුඹ නැත. නුඹ වෙත පැවරෙනුයේ දන්වා සිටින්නට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය ඔවුන් වෙත දන්වා සිටීම පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න