සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:38
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلْ أَفَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ ۚ قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ
අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. පවසනු, “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය) “අල්ලාහ් මා හට ප්රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! මෙම ආදේශකයින්ගෙන්, "අහස් හා මහ පොළොව මැව්වේ කවුරුන්දැ?"යි නුඹ විමසා සිටියෙහි නම්, ඔවුන්, ‘සැබවින්ම ඒවා මැව්වේ අල්ලාහ් වේ.’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියා ව හෙළිදරව් කරනු පිණිස නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින එම පිළිම පිළිබඳ නුඹලා මට දන්වනු. අල්ලාහ් මට නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ නම් එම නපුර මගෙන් ඉවත් කරන්නට ඒවාට හැකි ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට පිරිනැමීමට අපේක්ෂා කළේ නම් ඔහුගේ ආශිර්වාදය මගෙන් වළක්වන්නට ඔවුනට හැකි ද?" ඔවුනට මෙසේ පවසනු. ‘මට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය. මාගේ සියලුම කටයුතු වලදී මම අල්ලාහ් මත පමණක් භාරකර විශ්වාසය තබමි. භාර කරන්නන් ඔහු මත ම සියල්ල භාර කරති."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න