සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:39
قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ
මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘මාගේ ජනයිනි! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා තෝරා ගත් ස්ථාවරය මත පදනම් ව නුඹලා කටයුතු කරනු. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීම, ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීම යනාදී ලෙස ඔහු මට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ මත සිට කටයුතු කරන්නෙකු වෙමි. එහෙයින් සෑම ගමනකම විපාකය නුඹලා මතු දැන ගනු ඇත.'
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න