සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:20
لَٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِنْ فَوْقِهَا غُرَفٌ مَبْنِيَّةٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ
නමුත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්රතිඥාව කඩ නොකරයි.
තෆ්සීර්
නමුත් තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වනාහි, එකිනෙකට ඉහළින් පිහිටන උසස් මන්දිර ඔවුනට ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිනු ඇත. අල්ලාහ් මෙම ප්රතිඥා ව ඔවුනට පොරොන්දු විය. අල්ලාහ් එම ප්රතිඥාව කඩ කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න