සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:21

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් අතර ගලා යන්නට සලස්වා එමගින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හට ගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසු ව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන්ම එහි ප්‍රබුද්ධිමත් අයට උපදෙසක් ඇත.

තෆ්සීර්

සැබවින්ම අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කොට එය උල්පත් හා ගලා යන තැන් වලට ප්රවේශ කොට පසු ව එම ජලයෙන් විවිධ වර්ගයේ බෝග හට ගන්වා පසු ව එම භෝග වියළී යෑම නුඹලා දෑසින් දැක වටහා ගන්නෙහු ය. අහෝ අධීක්ෂණය කරන්නනි! අනතුරු ව එය සරුවට තිබීමෙන් පසු ව කහ පැහැ ගැන්වී එය වියළී ගිය පසු කැබලි වලට පත් වන කොළ රොඩු බවට ඔහු පත් කරයි. සඳහන් කරනු ලැබූ දෑ හි ජීවමාන බුද්ධියක් ඇත්තවුන්හට උපදෙසක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න