සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:19
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنْتَ تُنْقِذُ مَنْ فِي النَّارِ
දඬුවමේ වදන තමන් වෙත නියම වූ අය (දඬුවමින් මුදවා ගනුයේ) කවුද? (නිරා) ගින්නෙහි සිටින්නන් ඔබ ආරක්ෂා කරන්නෙහි ද?
තෆ්සීර්
කවරෙකු දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි රැඳී සිටියේ ද ඔහු එසේ රැඳී සිටීම හේතුවෙන් ඔහු මත දඬුවමේ වදන නියම විය. එහෙයින් අහෝ දූතය! ඔහුට මග පෙන්වීමෙහි හා ඔහුට ආශිර්වාද කිරීමෙහි නුඹට කිසිදු උපක්රමයක් නැත. අහෝ දූතය! මෙවන් ගුණාංග ඇත්තන් අපා ගින්නෙන් ආරක්ෂා කරන්නට නුඹට හැකි වන්නෙහි ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න