සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:16

لَهُمْ مِنْ فَوْقِهِمْ ظُلَلٌ مِنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ۚ يَا عِبَادِ فَاتَّقُونِ

ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ ආවරණයක් ද ඔවුනට පහළින් ආවරණයක් ද ඔවුනට ඇත. එය අල්ලාහ් එමගින් තම ගැත්තන් බිය ඇති කරයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)

තෆ්සීර්

ඔවුනට ඉහළින් දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. එමෙන්ම ඔවුනට පහළින් ද දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. සඳහන් කරන ලද මෙම දඬුවම අල්ලාහ් තම ගැත්තන්හට දන්වා අවවාද කරමින් ‘මාගේ ගැත්තනි! මාගේ නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹ මට භක්තිමත් ව කටයුතු කරනු.’ යැයි පවසා සිටීයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න