සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:17
وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَنْ يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ
නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන් හට ඔබ සුබාරංචි දන්වනු.
තෆ්සීර්
පිළිම වන්දනාවෙන් හා අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දැයින් වැළකී, පාප ක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත හැරුණු අයවලුන් වනාහි, ඔවුනට මරණ අවස්ථාවේ ද මිනීවළ තුළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ස්වර්ගය පිළිබඳ සුබ පැතුම් ඇත. එහෙයින් අහෝ දූතය! මාගේ ගැත්තන්ට සුභාරංචි දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න