සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:15

فَاعْبُدُوا مَا شِئْتُمْ مِنْ دُونِهِ ۗ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය,) “නියත වශයෙන්ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන්ය. දැන ගනු. එයයි ප්‍රකට පරාජය” යැයි පවසනු.

තෆ්සීර්

එහෙයින් අහෝ ආදේශ තබන්නනි! නුඹලා ද ඔහු හැර නුඹලා අභිමත කරන පිළිම වලට නමිදිනු. (මෙය අවවාදයේ නියෝගයකි.) අහෝ! නුඹ ඔවුනට මෙසේ පවසනු: ‘සැබෑ ලෙස පරාජිතයින් වනුයේ තමන්ටම අලාභහානි සිදු කොට, තමන්ගේ පවුලට ද අලාභහානි සිදු කරගත් පුද්ගලයෝය. ඔවුහු ඔවුන්ගෙන් වෙන් වී ගොස් ස්වර්ගයට ඔවුන් තනි ව ප්රවේශවීමෙන් හෝ ඔවුන් සමගම නිරා ගින්නට ඔවුන් ඇතුළුවීමෙන් ඔවුහු ඔවුන් මුණගැසුනේ නැත. කිසිවිටෙක මුණගැසෙන්නේද නැත. එය කිසිදු සැකයක් නැති පැහැදිළි අලාභයක් බව සැබෑ ලෙස දැන ගත යුතු නොවේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න